මාසික ඉන්ධන මිල සංශෝධනය ගැන නිල නිවේදනය

මාසික ඉන්ධන මිල සංශෝධනය ගැන නිල නිවේදනය

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වා ද අඩු කර ඇත.

ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

නව සංශෝධිත මිල ගණන් පහත දැක්වේ.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *