පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු 10ක් යළි රිමාන්ඩ්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු 10ක් යළි රිමාන්ඩ්

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර බෞද්ධ ආගමික ඉදිකිරීම් සිදු කිරීම සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු පෙබරවාරි 2 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා අද (28) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ත්‍රිකුණාමලය කොටුව විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, සම්බුද්ධ ජයන්ති විහාරාධිපති මිහිඳුපුරේ කල්‍යාණතිස්ස හිමි,  පූජ්‍ය සුකිත්ත වංශ හිමි, සිරිමාපුර විහාරයේ පූජ්‍ය නන්ද හිමි මෙන් ම කොටුව විහාරයේ විධායක කමිටු සාමාජිකයින් වන දීපානි ලියනගේ, විදුරංග ලොකු ගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියලාල් ප්‍රේමසිරි සහ තේකුම් දුලාර, සුතිප්ප ලියනගේ සහ සුගත් ප්‍රසන්න යන අයයි.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරයා එදින දැනුම් දුන්නේ, වෙරළාරක්ෂක ආඥා පනත යටතේ ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති අතර ඇප ලබා දීමට බලය ඇත්තේ මහාධිකරණයට පමණක් බව ය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *