කොහුවල බෝධියවත්ත තරුණියට වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් 03ක් අත්අඩංගුවට

කොහුවල බෝධියවත්ත තරුණියට වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් 03ක් අත්අඩංගුවට

2025.12.30 දින රාත්‍රියේ කොහුවල බෝධියත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට වෙඩි තබා වයස අවුරුදු 16 ක තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුර විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (15) දෙමටගොඩ හා වැල්ලම්පිටිය යන පොලිස් වසම්වලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අවුරුදු 27, 32 හා 35 වයසේ පසුවන කොළඹ 09 හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මෙම අපරාධයට අදාළව විමර්ශන කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ දක්වා සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *