අනවසර විදුලි රැහැනක් නිසා ළමයෙකුට දිවි අහිමි වෙයි

අනවසර විදුලි රැහැනක් නිසා ළමයෙකුට දිවි අහිමි වෙයි

කුච්චවේලි පොලිස් වසමේ පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බවට ඊයේ (10) කුච්චවේලි පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය ළමයා වයස අවුරුදු 16 ක් වූ කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනකට හසුවූ තම එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේ ළමයාටද විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *