ජලය පිරි අමුණක මල් කැඩීමට ගිය අවුරුදු 12ක දරුවෙක් මරුට

ජලය පිරි අමුණක මල් කැඩීමට ගිය අවුරුදු 12ක දරුවෙක් මරුට

ගල්කිරියාගම පොලිස් වසමේ උස්සාන ප්‍රදේශයේදී පිරිමි ළමයෙකු ජලය පිරි අමුණක ගිලී මියගොස් ඇති බවට ඊයේ (11) දින ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය ළමයා වයස අවුරුදු 12 ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය ළමයා පන්සල් යාම සඳහා අමුණේ මල් නෙලීමට යාමේදී මෙසේ දියේ ගිලී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *