ටී56 වර්ගයේ ගිනි අවියක් හා පතරොම් 16ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ටී56 වර්ගයේ ගිනි අවියක් හා පතරොම් 16ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ හරන්නාගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත පසුගිය 07 වැනිදා වැටලීමක් සිදුකර ටී56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසිනයක්, ටී56 වර්ගයේ පතරොම් 16ක්, 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පතරොම් ගැබක් හා හෙරොයින් ග්‍රෑම් 144 සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 44ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු 2026.01.08 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.01.13 වන දින දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *