කෘෂිකාර්මික නිෂ්පාදන සමුපකාර දහසක්” වැඩසටහන ඇරඹෙයි

කෘෂිකාර්මික නිෂ්පාදන සමුපකාර දහසක්” වැඩසටහන ඇරඹෙයි

කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ අරමුණින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් “කෘෂිකාර්මික නිෂ්පාදන සමුපකාර දහසක්” වැඩසටහන පසුගිය දා ආරම්භ කළේය.

මෙම වැඩසටහන යටතේ විවිධ සේවා සමුපකාර සඳහා ට්‍රැක්ටර් ලබා දීමේ වැඩසටහන පසුගිය දෙසැම්බර් 31 වැනිදා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වොක්ෂෝල් වීදියේ සතොස පරිශ්‍රයේදී සිදු කරන ලදී.

“කෘෂිකාර්මික නිෂ්පාදන සමුපකාර දහසක්” වැඩසටහන සඳහා 2025 අයවැය ප්‍රතිපාදන යටතේ අරමුදල් සපයන ලද මෙම මුලපිරීම යටතේ එනි ට්‍රැක්ටර් හතක් ලබා දුන් අතර මෙම ට්‍රැක්ටර්වල මුළු වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 47කි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *