කාර් රථයේ ගැටුණු යතුරු පැදියෙහි පැදිකරු ජීවිතක්ෂයට

කාර් රථයේ ගැටුණු යතුරු පැදියෙහි පැදිකරු ජීවිතක්ෂයට

බුලත්සිංහල පොලිස් වසමේ හොරණ මතුගම මාර්ගයේ වැහිමඩුව හන්දිය ආසන්නයේදී ඊයේ (02) බුලත්සිංහල දෙස සිට ඈගල්ඔය  දෙසට ධාවනය වූ කාර් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 77ක් වූ කොබොවක, ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *