ඩිජිටල් විද්‍යුත් බස් ගාස්තු ක්‍රමය අද සිට ලංගමටත්

ඩිජිටල් විද්‍යුත් බස් ගාස්තු ක්‍රමය අද සිට ලංගමටත්

බස් ගාස්තුව ඩිජිටල් කාඩ්පත් මින් ගෙවීම් සිදු කිරීමේ ව්‍යාපෘතියේ  ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ සඳහා එම කාඩ්පත හුන්වා දීමේ වැඩසටහන අද (01) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවේ.

නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබෙන අතර මෙම නියමු ව්‍යාපෘතිය මාකුඹුර-ගාල්ල හා මාකුඹුර-ඇඹිලිපිටිය යන මාර්ග කිහිපයක අද සිට ක්‍රියාත්මක වේ.

 

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *