සයිබර් ආරක්ෂණ පැමිණිලිවල ඉහළ යාමක් – Sri Lanka CERT

සයිබර් ආරක්ෂණ පැමිණිලිවල ඉහළ යාමක් – Sri Lanka CERT

2025 වර්ෂයේ දී සයිබර් ආරක්ෂණ සිදුවීම් සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් Sri Lanka CERT වෙත පැමිණිලි 12,650 කට වඩා ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (Sri Lanka CERT) පවසයි.

පැමිණිලිවලින් විශාල කොටසකට ව්‍යාජ සහ හැක් කරන ලද ගිණුම් මෙන්ම සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදු කරන ලද මූල්‍ය වංචා සම්බන්ධ ඒවා බව Sri Lanka CERT ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පවසයි.

වැඩිහිටියන් සම්බන්ධ වෛරී කථනය, අපයෝජන අන්තර්ගතය සහ ලිංගික හිරිහැර සම්බන්ධ පැමිණිලිවල වැඩිවීමක් ද Sri Lanka CERT නිරීක්ෂණය කළ බව ඔහු පැවසුවේය.

“සාමාන්‍ය වංචා සහ අසත්‍ය තොරතුරු පැතිරීමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙනවා” ඔහු වැඩි දුරටත් හෙළි කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *