දිට්වා බලපෑම තිබුණත් දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වෙනසක් නෑ – මහ බැංකුව

දිට්වා බලපෑම තිබුණත් දෙසැම්බර් මාසයේ උද්ධමනයේ වෙනසක් නෑ  – මහ බැංකුව

කොළඹ පාරිභෝගික මිල දර්ශකය දෙසැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතු බවත් 2025 දෙසැම්බර් මාසයේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගිය ද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් සහාය වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අද (31) නිකුත් කළ නිවේදනයක සහන් වේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි 2025 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 3.0ක උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7ට සාපේක්ෂව 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 1.8ක් දක්වා ඉහළ ගියේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *