2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරයි

2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරයි

2026 වසර සඳහා පුද්ගලයින්ගේ සහ ආයතනවල ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

2025 සැප්තැම්බර් 01 වන දින ආරම්භ වූ ඊළඟ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබා දී තිබූ කාල සීමාව 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද එම අවසාන දිනය දීර්ඝ කර ඇත.

රටේ ඇති වූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්  ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබා දී තිබූ කාල සීමාව 2026 ජනවාරි 31 දක්වා දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *