යතුරුපැදියක් මාරක අනතුරක – 21 හැවිරිදි යතුරු පැදිකරු මරුට

යතුරුපැදියක් මාරක අනතුරක – 21 හැවිරිදි යතුරු පැදිකරු මරුට

මාතර පොලිස් වසමේ මාතර තංගල්ල මාර්ගයේ වෙරළ පාර ප්‍රදේශයේදී ඊයේ (28) සවස මාතර දෙස සිට වෙරළ පාර ඔස්සේ ගන්දර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේ දී, පිටුපසින් පැමිණි යතුරු පැදියක් වෑන් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී  මියගොස් ඇති අතර මරණකරු වයස අවුරුදු 21 ක් වූ වල්ගම, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *