ගන්දරින් මුහුදු ‘දිනුක පුතා’ ළඟ කෝටි 200ක හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මළු 11ක්

ගන්දරින් මුහුදු ‘දිනුක පුතා’ ළඟ කෝටි 200ක හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මළු 11ක්

දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් ‘දිනුක පුතා’ බහුදින ධීවර යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 200කට ආසන්න හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදු ගිය මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ (23) නාවික හමුදා භාරයට ගත් බව ද ජයසේකර මහතා කීවේය.

අද උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ  මෙම බහුදින ධීවර යාත්‍රාවේ සඟවා තිබූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11ක් සොයා ගත් බව ද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසුවේය

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *