අද දින නිල කාලගුණ අනාවැකිය : දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත තද වැසි

අද දින නිල කාලගුණ අනාවැකිය : දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (24) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ කළුතර, බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *